නව කොරෝනා වෛරසය පාලනයට ලොව රටවල් මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

ඒ අතරින් කොරෝනා වෛරසය මුල්වරට වාර්තා වූ චීනය විශේෂයි.

වෛරසය මැඩලීමට චීනයේ පර්යේෂකයන් කණ්ඩායමක් නිපදවූ රොබෝවෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණි.

නව කොරෝනා වෛරසය ආසාදනයවූ රෝගීන් සිටින වාට්ටුවල සේවය සඳහා යෙදවිය හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට චීන පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව තිබේ.

අවදානම් සහිත අවස්ථාවලදී පුද්ගලයන් වෙනුවට මෙම රොබෝ යන්ත්‍රය සේවයේ යෙදවිය හැකි බවයි නිර්මාණකරුවන් පවසයි.

රෝග විනිශ්චය කටයුතු සහ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණවලට මෙම රොබෝ යන්ත්‍රය යොදාගත හැකි බව සඳහන්.

ඒ සඳහා යොදාගැනෙන කැමරා උපකරණවලින්ද මෙම රොබෝ යන්ත්‍රය සමන්විතයි.

නව කොරෝනා වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර කරන අතරතුර වෛද්‍යවරුන් රැසක්ම රෝගයට ගොදුරු විය.

මේ හේතුවෙන් රොබෝවා නිදපවීමට අදහස පහළවූ බව එහි නිර්මාණකරුවන් පැවසුවේය.

අදාළ පර්යේෂකයන් කණ්ඩායම මේ ආකාරයේ රොබෝ යන්ත්‍ර දෙකක් නිපදවා තිබේ.

එම රොබෝවන් බීජිං අගනුවර පිහිටි රෝහල්වලදී වෛද්‍යවරුන් යටතේ අත්හදාබලන බවද පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්