අද(18) ලංකාදීප පුවත්පත වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකාවේ කොරෝනා අවධානම මේ වනවිට පහළ ගොස් තිබෙනවා.

කොරෝනා අවධානම ඉවරයි – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

කොරෝනා වයිරසය සමාජය තුළ පැතිර යාමේ තත්වයක් පෙනෙන්නට නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව කොරෝනා වයිරසයේ අවධානම් කාල සීමාව පසුකරමින් සිටින බවද ඔහු කීය.

ආසාදිතයින් හදුනාගැනීමට බුද්ධි අංශ හා සෞඛ්‍ය අංශ අනුගමනය කළ විවිධ ක්‍රියාමාර්ග, සැකකටයුතු පිරිස් මුල් අවස්ථාවේදීම නිරෝධායනයට හා පරීක්ෂණවලට ලක් කිරීම නිසා වයිරසය පැතිරීම පාලනය වූ බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා මේ වැඩපිළිවෙල ඉදිරියටද ක්‍රියාත්මක කරන බව පැවසීය.

කොරෝනා වෛද්‍ය පරීක්ෂණද මේ වනවිට වැඩි කර ඇතැයි ඒ මහතා කීය. ලෙස ‘ලංකාදීප’ පුවත්පත අද(18) වර්තා කර තිබුණි.

නමුත් අද උදෑසන පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් මේ පුවත සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ එය එසේ නොවන බවයි.

කොරෝනා අවධානම නැතිවන තුරු එලෙස පැවසිය නොහැකි බවත් එය නැවත රැල්ලක් ලෙස පැමිණිය හැකි බවත් අදහස් දක්වමින් ඒ මහත් සඳහන් කළේය.

මේ වනවිට කොරෝනා වයිරසය සමාජය තුළ පැතිර යාම පාලනය කර ඇති බවත් එය රෝගය වැළඳුන අයගේ පවුල් තුල සබඳතා පැවැත්වූ අය අතර පමණක් සීමා කර ඇති බවත් සඳහන් කළ ඒ මහතා මෙම තත්වය තවදුරටත් පවත්වා ගෙන ගියහොත් පමණක් කොරෝනා අවධානම අවසන් බව පැවසීමට හැකිවන බව සඳහන් කරන ලදී.

යම්කිසි හේතුවක් මත රට නැවත වතාවක් විවෘත කිරීමේදී මේ අංශය පිළිබඳ සැලකිල්ලක් නොදැක්වුවහොත් නැවත වතාවක් රට අනතුරක ලක්වන බව ඒ මහතා අවධාරණය කරන ලදී.

මෙන්න බලන්න තවත් පුවත්