• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 1:36 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොමිසමේදී අනාවරණය වූ මෛතී‍්‍ර සහ රනිල් අතර පැවැති නයි පොළොං වෛරය

2020-09-18 ‍| 11:08 am
කොමිසමේදී අනාවරණය වූ මෛතී‍්‍ර සහ රනිල් අතර පැවැති නයි පොළොං වෛරය
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ප‍්‍රහාරය එල්ල වන තුරුම හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර, ආරක්ෂක කවුන්සලයට නොකැඳ වූයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ඇතුවු ගැටළුවක් මත බව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ දී අනාවරණය වුණා.

ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයී.

යහපාලන ආණ්ඩුවේ හිටපු ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අතර ඇති වූ අර්බුද සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු හෙළිදරව් කෙරුණා.

(ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්)

පාස්කු ප්‍රහාරය එල්ල වන තුරුම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ආරක්ෂක කවුන්සලයට නොකැදවනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ඇතුවු ගැටළුවක් මත බව ජනාධිපති කොමිසමේ දී අනාවරණය වුණා.

ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී වන අතර යහපාලන ආණ්ඩුවේ ජනපති හා අගමැති අතර ඇති වූ අර්බුද සම්බන්ධයෙන් ද මෙහිදී තවත් හෙළිදරව් සිදු කෙරුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඊයේ හත්වන දිනටත් පැමිණි අතර එහිදී ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාවක් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටින නීතිඥවවරියට හිමිවුණා.

නීතිඥ මධූ ජයතිලක – හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙනුවෙන්-
” සිසිර මෙන්ඩිස් මහත්මයා, ගිය අවුරුද්දේ අප්‍රේල් 8 වැනිදා නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරය ගැන පූර්වයෙන් ලද තොරතුර සමඟ වාර්තාවක් එවා ඔබගෙන් උපදෙස් පැතීමක් සිදුකළත් ඔබ එවැනි උපදෙස් ලබාදීමක් සිදුකළේ නැත්තේ ඇයි ? “

සිසිර මෙන්ඩිස් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී –
” මම ඔහුට උපදෙස් දිය යුතු නැහැ. ඔහු වෙනම ආයතනයක ප්‍රධානියෙක්. ඔහු කිසිම දවසක මගෙන් උපදෙස් පතල තිබුණෙත් නැහැ. ඒ නිසා මං හිතුවා උපදෙස් දෙන්න ඕන නැහැ කියල. “

නීතිඥ මධූ ජයතිලක – හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙනුවෙන් –
” පසුගිය වසරේ අප්‍රේල් 9 තිබුණ බුද්ධි සමාලෝචන රැස්වීමෙදිවත් ඔබ න්‍යාය පත්‍රයට මෙය ඇතුළත් කර තිබුණේ නැහැ. එහි ඔබේ වාරය තිබෙන අයිතමයේ ඔබ සඳහන් කර තිබුණේ විදෙස් සිසුන්ට වීසා දීමක් ගැන කතාකළ යුතුයි කියල. ඇයි ඔබ ඒ වෙනුවටවත් මේ විශේෂ කරුණ නොදැම්මේ ? “

සිසිර මෙන්ඩිස් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී –
” එය නිලන්තට ලද තොරතුරක්නේ. ඔහු තමයි න්‍යාය පත්‍රය අනුව මුලින්ම කතා කරන්නෙත්. ඔහු එහිදි මෙය කතා කළ යුතුයි. නමුත් ඔහු එක වචනයක් මේ ගැන ඔහුගේ වාරයේ කතා කළේ නැ. මම ඒ නිසා මීටින්ග් එක අවසානයේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මමයි කිව්වෙත් ‘ සර් නිලන්තගේ කොලේ ‘ කියල. එතකන් නිලන්තගෙ සද්දයක් තිබුනේ නැ මේ ගැන. “

නීතිඥ මධූ ජයතිලක – හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙනුවෙන් –
” ඔබ මීට පෙර කිව්වා සිසිර මහත්තයා, 21 බෝමබ පිපිරිම ගැන දැනගත්තේ ඔබේ ඥාතියෙක්ගේ දුරකතන ඇමතුමකින් කියල. ලැජ්ජාවක් ආවෙ නැද්ද ජාතික බුද්ධි ප්‍රධානී විදියට ඔවුන්ගෙන් දැනගත්තම. හරිනම් ඔබ නේද ඔවුන්ටත් කියන්න අවශ්‍ය? “

සිසිර මෙන්ඩිස් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී –
” මටනම් ලැජ්ජාවක් ආවෙ නැ. මං සාමාන්‍යයෙන් ෆෝන් එකත් silence කරල තියෙන්නේ. මේ කෝල් එක තමයි දැක්කෙත් එනවා. ”

නීතිඥ මධූ ජයතිලක – හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙනුවෙන් –
” මම ඔබට යෝජනා කරනවා මේ අවාසනාවන්ත ප්‍රහාරය වුණේ ඔබ ජාතික බුද්ධි ප්‍රධානී ලෙස සිටි නිසා කියල. “

සිසිර මෙන්ඩිස් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී –
” මං ඒක පිළිගන්නේ නැහැ. මට ගන්න පුලුවන් පියවර ගත්තා. පොලිස්පති දැනුවත් කළා. පොලිස්පතිවරයාට පුලුවන් එක මොහොතකින් ලංකාවම සීරුවෙන් තියන්න.”

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් ධූරය දැරූ හේමසිරි ප්‍රනාන්දු මහතායි.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේ පසුගිය වසරේ අප්‍රේල් 8 වැනිදා සිසිර මෙන්ඩිස් මහතාගෙන් තොරතුරක් ලැබුණේ ද යන්නයි.

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” අප්‍රේල් 8 කියන්නේ මෙරටේ ආරක්ෂක අමාත්‍යාංශයට බොහොම කාර්‍යබහුලම දවසක් වුණා. ඉන්දීය ආරක්ෂක ලේකම් අපේ රටේ හිටියේ. එදා උදේ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් කළා. දහවල් හා රාත්‍රි විශේෂ හමු තිබුණා. ඒ අතරේ සිසිර මෙන්ඩිස් මහතා මේ තොරතුර රැගෙන ආවා. මං මේ තොරතුරේ යම් අව්නිශ්චිත භාවයක් දෑක්කත් ඒක සිසිරට කිව්වේ නැ. මං කිව්වා ‘ මේක හෙට මීටින්ග් එකේදි නිලන්තට දාන්න කියන්න ‘ කියල. මේක වැදගත් තොරතුරක් කියලත් කිව්වා. “

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණය විනිසුරු –
” ඔබට මේ තොරතුර ලැබෙද්දි ඔබ ඉන්දීය ආරක්ෂක ලේකම් සමඟ සමුළුවේ හිටියට මේකේ බැරෑරුම් කම තේරුණේ නැද්ද.. ඔවුනුත් මේ රටේ ඉන්නකොට?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” බුද්ධි තොරතුරක් වුණත් ගැටලු ටිකක් තිබුණා. නමුත් ඒ වෙලාවෙ නැතත් ඔවුන්ට තිබුණා පසුව හරි මාව හමුවෙලා මේ ගැන සාකච්ඡා කරන්න.අනික මේ තොරතුර හමුවුණේ ඉන්දියාවෙන් කියලත් මං දැනගෙන හිටියේ නැහැ. “

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණය විනිසුරු –
” ඉන්දියාවෙන් කියල සඳහන් නොවුන්ට ඕකේ තිබුණා නේද ‘ in shortly ‘ කියල. එතකොට අද රෑ වෙන්න පුලුවන්. හෙට වෙන්න පුලුවන්.. එතකොටවත් බැරෑරුම් කම තේරුණේ නැහැ නේද ඔබට? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” allege plan කියලත් තිබුණ නිසා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියල හිතුණා.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය –
” පසුදින බුද්ධි සමාලෝචන රැස්වීමෙදි සාකච්ඡා වුණාද ? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” ඒ ගැන සාකච්ඡා කරයි කියල හිතුවත් නිලන්ත මේක ගැන සාකච්ඡා කළේ නැහැ. “

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය –
” ඔබ එවැන්නක් හිතන් ඉන්න ඇති කියල නිලන්ත ජයවර්ධන මහතා දැනගන්න ටෙලිපති නැහැනෙ. ඔබ තුමා එය සාකච්ඡා කළ යුතු නැද්ද ? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” නැහැ. එය නිලන්තගෙ තොරතුර. ඔහු සාකච්ඡා කළ යුතුයි. “

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –
” රැස්වීමෙදි ඇහුවෙ නැත්තෙ ඇයි නිලන්ත ජයවර්ධන මහතාගෙන් මේ ගැන සාකච්ඡා නොකරන්නේ ඇයි කියල. මුලින්ම කතා කළ යුතු දෙයක් වුණත්ඔබ එය අන්තිමට සාකච්ඡා කළේ නොවැදගත් කියල හිතුවද ? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” එහෙම නොකළේ බුද්ධි අංශ දෙකම කැමති නැ ඒ වගේ තොරතුරක් ගැන සාකච්ඡාවෙදි හාරාවුස්සනවට. අනික මට හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාත් ගිය අවුරුද්දේ මාර්තු මාසයේ දවසක් චෝදනාවක් කළා රාජ්‍ය බුද්ධි සේවය ඔවුන් සමඟ තොරතුරු බෙදාගන්නැ කියල. “

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –
” ඔබ මේ ගැටලුව ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා ද ? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” මට ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. අනික වෙනත් අයගේ කතා නිසා එතුමා මාව හමුවෙන්න ඒතරම් කැමැත්තකින් නෙමෙයි හිටියෙත්. “

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගේ අවධානයට යොමු කළේ, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව ජාතික ආරක්ෂක මණ්ඩල කවුන්සලයට සහභාගි නොකරවා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹ තිබූ තීරණයක් පිළිබඳවයි.

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” ආරක්ෂක කවුන්සලයේ රැස්වීමකදි එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් කළා යම් නිලධාරියෙක් තමන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගන්න උත්සහ කරනවා කියලා. ඒ නිශාන්ත සිල්වා ගැන. ජනාධිපතිතුමා ඒ වෙලාවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කිව්වා නිශාන්ත සිල්වාව ඉවත් කරන්න කියලා. ජනාධිපතිතුමා කිව්වොත් දෙයක් වෙන්නම ඕනේ නිසා පොලිස්පතිවරයා නිශාන්‍ත සිල්වාව මීගමුවට මාරු කළා. එය සිදුවිය යුතු ක්‍රියා පටිපාටියට අනුව පොලිස් කොමිසමට දැනුම්දීලත් තිබුණා. නමුත් දවස් තුනකට පස්සේ ජනාධිපතිවරයා මට කතා කරල ඇහුවා ‘ කාගෙන් අහලද නිශාන්තව මාරු කළේ’ කියලා. මම කිව්වා ‘සර්මනේ කිව්වේ මාරු කරන්න’ කියලා. ‘මම කිව්වේ නැහැ මාරු කරන්න’ කියලා එතුමා ඩස් ගාලා ෆෝන් ලයින් එක ඩෑෂ් කළා. පස්සේ දින කිහිපයකින් මම ජනාධිපතිවරයා හම්බෙන්න ගියා. එතකොට එතුමා කිව්වා. ‘ බලන්නකො ලේකම් තුමා මෙයා කරල තියෙන දේ. පොලිස් කොමිසමට ලියල නිශාන්ත සිල්වාගෙ සිද්ධිය. ඒකට security council එක reference දාලා. ආයේ පූජිත්ව ආරක්ෂක කවුන්සලයට ගෙන්නන්න එපා කියල මට කිව්වා. ඒ නියෝගය මං පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. එදා ඉදන් ඔහුව රැස්වීමට ගෙන්නුවේ නැහැ.”

අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ආණ්ඩු මාරුව සහ ඉන් පසු පැවැත්වූ ආරක්ෂක කවුන්සල රැස්වීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුට යොමු කළා.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය – ” යම් අවස්ථාවකදී දින 52 ආණ්ඩුවෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා යළි ආරක්ෂක කවුන්සලයට කැඳවීම ගැන ඔබ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ නැත්ද ? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –

” මං කිව්වේ නැහැ. “

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය –
” ඇයි ඒ ? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” කියල වැඩක් නැහැනෙ. ඒ දෙන්නා අතරේ තිබුණ නයි පොළොං වෛරයට නිලදාරීන් විදියට අපිත් මැදිවෙලා හිටියේ.”

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය –
” ඔබ රාජ්‍ය ආරක්ෂක ඇමතිව හිටපු රුවන් විජේවර්ධන මහත්මයාව කැඳවන්න ඇහුවෙත් නැද්ද ජනාධිපතිවරයාගෙන් ? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” අපි ඒ වෙද්දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැඟීම් හොදට තේරුම් අරන් හිටපු නිසා රුවන් විජේවර්ධනටත් එන්න කිව්වේ නැ. ඇත්තටම ඒ අර්බුදයෙන් පස්සෙ තිබුණේ අමිහිරි තත්ත්වයක්. එක පාරක් ජනාධිපතිව හම්බෙලා ‘ සර් 2002 දි චන්ද්‍රිකා මැඩම්ගෙ ආණ්ඩුවේ ආරක්ෂක කවුන්සලයටත් රනිල් වික්‍රමසිංහ මහත්මයව කැඳෙව්වා ‘ කියල මං කියපු වෙලාවෙ එතුමා කිව්වා ‘ නැ නැ එයා ගෙන්නුවට කමක් නැ. මට ඕන නැ. මන් ගෙන්නන් නැහැ ‘ කියල. “

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය –
” හේමසිරි මහත්මයා, ඔබෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අහල තියෙනවද ‘ ඔයාගෙ ඔලුව හොද නැද්ද කියල ? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” එහෙමනම් නැ. මගේ එහෙම අවුලකුත් නැහැනෙ ඉතින්.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය –
” ඔබ මේ පොලිස් ඒකකයට දීපු ප්‍රකාශයේ ඇයි එහෙනම් එවැන්නක් සඳහන් කළේ ? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” මම කියල තියෙන්නේ ආරක්ෂක කවුන්සලයේ දී නම් එහෙම කියල නැ කියල. “

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය –
” නැ.. නැ.. ආරක්ෂක කවුන්සලයේ දී නෙමෙයි.. “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් –
” අහ් හා.. අපො වෙන තැන්වලනම් ඕන තරම් අහල තියෙනවා මගේ ඔලුව හොද නැත්ද කියල. “

ShareTweetSendShare

Related Posts

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ
Local

කේරළ ගංජා කිලෝ 107ක් සොයා ගැනේ

2021-03-09
3
6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්
Local

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
3
ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට
Local

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
3
ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට
Local

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
5
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
4
ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ
Local

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
4
Next Post
චීනයෙන් තවත් අලුත් රෝගයක් පැතිර යයි.

චීනයෙන් තවත් අලුත් රෝගයක් පැතිර යයි.

දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 3 ඉක්මවයි

කොවිඩ් ආසාදිතයින්ගේ නවතම තොරතුරු

Discussion about this post

MORE LOCAL NEWS

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ

කේරළ ගංජා කිලෝ 107ක් සොයා ගැනේ

2021-03-09
0
3

කල්පිටිය කලපුවේ - සෝමතිව් දූපතෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා...

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
0
3

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා....

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
3

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ...

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
0
5

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් ආයතනයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
0
4

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික්...

Sports News

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

2021-03-09
2
Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

2021-03-09
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk