• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 6:27 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොඩී නිළියෝ ටිකක් වට කරගෙන කරපු අලුත් වැඩේ

2021-01-16 ‍| 8:57 am
කොඩී නිළියෝ ටිකක් වට කරගෙන කරපු අලුත් වැඩේ
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

ආයුහි රංගනයෙන් සැන්ඩ්‍රා මාක්, ජගත් මනුවර්ණ, මාලිනී ෆොන්සේකා, අශාන් ඩයස්, කෙනෙර විතානගේ, සමනලී ෆොන්සේකා, සම්පත් ජයවීර, ප්‍රියන්ත සිරිකුමාර, තුමිඳු ‍ෙදාඩම්තැන්න, දසුන් පතිරණ, නලින් ලූසේනා, උදයපසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණු “උන්මාදව සිතක් සිතක් පෙමක් පැතුව වතාවේ….” ගීතයේ පද රචනය කළ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි සහ ගීත නිර්මාණය වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ නිරංජලා මංජරී සමඟ යෙදුණු කෙටි පිළිසඳර

ගීතය රචනා කරන්න අඩිතාලම වැටෙන්නේ කොහොමද?

කොරෝනා වසංගත තත්ත්වය නිසා මිනිසුන්ගේ සක්‍රිය බව නැති වෙලා හුදෙකලාව තමයි වැඩ කරන්න සිදුවුණේ. ඒ අතරතුරේදී නිරංජලා මංජරීගෙන් මට ගීතයක් රචනා කරන්න ආරාධනාවක් ලැබුණා. මීට කලින් ගීත කිහිපයක් රචනා කළත් මම මේ ආරාධනාව එක සිතින්ම භාර ගත්තා.

මම ගීතය රචනා කළාට පසුව ඇතිවුණු ගැටලුව තමයි කවුද ගීතය ගායනා කරන්නේ කියන එක. අපි චාන්දනී සෙනවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නිරංජලා මංජරී, නිල්මිණී සිගේරා, චමිලා පීරිස්, අමා ශාක්‍ය, සුජානි මේනකා, සමාධි ලක්සිරි, චිරන්ති මල්ලිකාරච්චි කියන කණ්ඩායමක් මේ සඳහා යෝජනා කළා. බොහෝ දෙනෙක් එක්වරම කැමැති වුණා මේ වැඩේට. තවත් පිරිසක් යම් කාලයක් අරගෙන මේ වැඩේට කැමැති වුණා. හැමෝම එකඟතාවට ඇවිත් සහයෝගයෙන් වැඩේ කළා. එහෙම තමයි ගීතය නිර්මාණය වුණේ.

ඔබේ කවීත්වයට අනුව මේ සියලුම දෙනා ඔබේ පෙම්වතියන්. නමුත් තමන්ගේ සියලුම පෙම්වතියන් එකට එකතු කරගෙන නිර්මාණයක් කිරීමේ භාග්‍යය සෑම පෙම්වතකුටම ලැබෙන්නේ නැහැ නේද?

ඒ අටදෙනාම මට ඉතා සමීප සහ කාලයක් තිස්සේ සමීපව ඇසුරු කරන විවිධ තරාතිරම්වල ඉන්න, කලා ක්‍ෂේත්‍රය තුළ ප්‍රතිරූප ගොඩනඟා ගත්, විවිධ කාලවල මුණගැසුණු, ළෙන්ගතු හිතවතියන් කිහිපදෙනෙක්.

ඔවුන් සියලුදෙනාම එක නිර්මාණයකට සම්බන්ධ කරගන්න ලැබීම මගේ වාසනාවක්. මෙම ගීතය රචනා කරලා, නිර්මාණය කරලා අවසන් කළාට පසුව මට හිතුණ දෙයක් තමයි මම නැවත පද රචනාවක් නොකළත් මෙම නිර්මාණයම ඇති වගේ හැඟීමක් තමයි දැනෙන්නේ.

ඒ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

ගීතය සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා ලොකු කාලයක් ගත නොවුණත් අතිවිශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණා. සමාජ මාධ්‍ය තුළ ලක්ෂ ගණනක පිරිසක් වීඩියෝ එක නරඹලා තිබුණා. සිත්ගන්නාසුලු සහ අපිව සතුටට පත්කරන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණා. මේ වගේ නිර්මාණයක් කරපු පළමු අවස්ථාව තමයි මේක. අනික් කාරණය තමයි අපි මෙම ගීතය නිර්මාණය කළේ කාන්තා දිනය වෙනුවෙන්වත් වෙන යම් සැමරුමක් වෙනුවෙන්වත් නෙවෙයි. මෙය අහේතුකව නිර්මාණය වුණු අලංකාර ගීතයක්.

මේ සඳහා දායක වුණු පිරිස ගායිකාවන් ලෙස ක්‍ෂේත්‍රයේ නමක් දිනාගත් පිරිසක් නෙවෙයි. ඔවුන්ගේ දායකත්වය පිළිබදව කතා කළොත්?

ඇත්තෙන්ම කලා ක්‍ෂේත්‍රයේ දක්‍ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනියන් ලෙස නමක් දිනාගත් පිරිසක් මේ සඳහා සම්බන්ධ වීම විශේෂත්වයක්. මේ සඳහා මූලිකවම දායකත්වය සැපයුවේ නිරංජලා මංජරී විසින්. ඇය තමයි දිව-රෑ නොබලා සියලු වැඩකටයුතු, පටිගත කිරීම් ඇතුළු කාර්යයන් සංවිධානය කළේ සහ හැසිරුවේ. මෙම නිර්මාණයේ ශබ්ද ඉන්ජිනේරුවරිය ලෙස කටයුතු කළේ විද්‍යා මුණසිංහ.

ඇය ලොකු උත්සාහයක් ගත්තා මෙම කර්තව්‍යය සාර්ථක කරගන්න. සංගීතය සැපයීම වෙනුවෙන් මහින්ද බණ්ඩාර කිසිදු පැකිළීමකින් තොරවම මේ සඳහා සම්බන්ධ වෙලා ඔහුගේ දායකත්වය ලබා දුන්නා. ගායිකාවන් පිරිසක් පෙර පුහුණුවීම් කරලා මේ සඳහා හොඳින් සූදානම් වුණා. සියලු දෙනාගේම කැපවීමේ ප්‍රතිඵලයක් තමයි මෙම ගීතය.

අනාගතයේදී තවත් මෙවැනි නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවාද?

මෙම ගීතය නිර්මාණයෙන් පසුව ආරාධනා කිහිපයක් ලැබුණා තවත් ගීත රචනාවන්ට. නමුත් මම ගීත රචනාවන්ට මැළි පුද්ගලයෙක්. මම මාධ්‍ය ක්‍ෂේත්‍රයට ආවට පසුව ගීත නොලියූ තරම්. මෙම ගීතයේ තිබුණු අපූර්වත්වය නිසාම මම දෙවරක් නොසිතාම ආරාධනය භාරගත්තා. මින් ඉදිරියට මොවුන් සමඟම අලුත් වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු.

Niranjala Manjarie

ගීත නිර්මාණයේ මූලික පසුබිම පිළිබඳව කතා කළොත්?

මට යෝජනාවක් ලැබුණා අලුත් ගීත නිර්මාණයක් සඳහා. කොඩි අයියගෙන් සහ තව කිහිප දෙනෙක්ගෙන් ගත්ත පද රචනාවන් කිහිපයක් මගේ ළඟ තිබුණත් සම්පත් ජයසුන්දර අයියා මුලින්ම තෝරගත්තේ කොඩි අයියගේ පද රචනාවක්. අපි ඉතාම සාර්ථකව වැඩේ කරගෙන යන අතරවාරයේදී තමයි මෙම කොරෝනා වසංගතය තත්ත්වයට මුහුණ දෙන්න වුණේ. ඉන්පසුව යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණු නිසා සම්පත් අයියා මට කිව්වා ඔහු ළඟ තියෙන තනු නිර්මාණයකට පද රචනාවක් කරමු කියලා. මම ඒ පිළිබඳව කොඩි අයියට කිව්වම ඔහු බොහොම කැමැත්තෙන් පද රචනාව කළා.

වෘත්තීයමය ගායකයන් නොවන පිරිසක් මේ සඳහා තෝරාගත්තේ ඇයි?

ඔවුන් ක්‍ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියන් ලෙස නමක් ගොඩනඟාගත් පිරිසක්. නමුත් අපි සියලු දෙනා අතර ලොකු මිත්‍රත්වයක්, ගනුදෙනුවක් තිබුණා. අපි බොහෝ දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙම සාකච්ඡාවක් අතරවාරයේදී තමයි මම මේ ගීතය කරමු කියලා යෝජනා කළේ. මෙම ගීතයේ තනුව සරලයි.

මෙම කර්තව්‍යය බැරෑරුම් කාර්යයක් නොවන නිසාම මුලින්ම අපි සියලුදෙනාම එකට එකතු වෙලා මෙම ගීතය ගායනා කරන්න තීරණය කළා. පසුව කෞෂි අක්කා සහ සම්පත් අයියා යෝජනා කළා මෙම ගීතය කොටස් කරලා තනි තනිව ගායනා කරමු කියලා. තවත් කෙනෙක්ව සතුටු කරන්න කලින් අපි සතුටු වෙලා ඉන්න ඕනි. එනිසාම තමයි අපි හැමෝම සහයෝගයෙන් මෙම ගීතය නිර්මාණය කළේ. හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර මේ වෙනුවෙන් ලැබුණා.

මෙම ගීත නිර්මාණය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

අවංකවම ඔව්. අහේතුකව නිර්මාණය වුණු මෙම ගීතය වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. රටේ පවතින වාතාවරණය සමඟ කලාකරුවන් වශයෙන් රටේ නීතියට අවනත වෙලා එක් දවසක් තුළ ගීතය ගායනා කරලා පටිගත කිරීමත් කළා. සියලු දෙනාම ලොකු ආස්වාදයක් ලැබුවා මේ නිසා. පෙර පුහුණුවීම් කරලා හරිම පරිස්සමින් තමයි මෙම නිර්මාණය කළේ. එනිසා මම මෙම නිර්මාණය පිළිබඳව තෘප්තිමත්.

නිකේෂලා රණතුංග

ShareTweetSendShare

Related Posts

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
3
සිනෙතිගේ නවතම හැඩවැඩ – Photos
Gossip Mania

සිනෙතිගේ නවතම හැඩවැඩ – Photos

2021-02-28
12
තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි –  එම්.ජී. ධනුෂ්ක
Gossip Mania

තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි – එම්.ජී. ධනුෂ්ක

2021-02-27
4
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී
Gossip Mania

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
මුල් පුටු 152ක් නියෝජනය කරන කාන්තාවන්
Gossip Mania

මුල් පුටු 152ක් නියෝජනය කරන කාන්තාවන්

2021-02-27
2
Sai Pallavi රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම
Gossip Mania

Sai Pallavi රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම

2021-02-27
2
Next Post
ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ

මත්ද්‍රව්‍ය සොයන්න සක්‍රීය බුද්ධි මෙහෙයුම්

නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ජනතා පෙත්සමට අත්සන් තැබීම අද

නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ජනතා පෙත්සමට අත්සන් තැබීම අද

Discussion about this post

MORE LOCAL NEWS

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
0
2

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී...

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
0
3

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ...

මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
0
1

මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල්...

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
0
3

ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
0
1

පසුගිය පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම්...

Sports News

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk