• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 12:09 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කුසල් කියන්නේ මගේ ප්‍රථම ප්‍රේමය – නිශේල්

2021-02-21 ‍| 10:40 am
කුසල් කියන්නේ මගේ ප්‍රථම ප්‍රේමය – නිශේල්
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කරන ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුසල් මෙන්ඩිස් පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ නිශේල් සුලක්ෂි ප්‍රනාන්දු සමගින්. පවතින කොරෝනා උවදුර නිසා ජාතික තලය නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී නොවූවත් කුසල් නියෝජනය කරන ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහ සමීපතම මිතුරන් කිහිප දෙනෙක් එක්ක පවුලේ අය සමගින් ඉතාමත් සුන්දර විවාහ උත්සවයක් මරිනාහිදී පැවැත්වුණා.

කුසල් කොහොම ද අලුත් ජීවිතේ…

ඇත්තටම ලොකු වෙනසක් නැහැ. මම අවුරුදු 8ක දීර්ඝ කාලයක් තිස්සේ ආදරය කරලා විවාහ වුණේ ඒ නිසා මම එයා කැමති අකැමැති දේවල් ගැන හොඳින්ම දන්නවා. වෙනදටත් වඩා එයා වෙනුවෙන් කාලය වෙන් කරන්න වෙලා තියෙනවා.

අවුරුදු 8ක් පැරණි ආදර කතාව පටන් ගත්තේ කොහොමද?

එයාව මුලින්ම දැක්කේ පල්ලියේදී. ඊට පස්සේ මම යාළුවෙක්ගෙන් එයා ගැන ඇහුවා. එතකොට දන්නේ එයාගේ අක්කා මගේ ඉරිදා පාසලේ එක පන්තියේ ඉන්නේ කියලා. ඒ දැන හැඳුනුම්කම් එක්ක තමා අපි ආදරේ පටන් ගත්තේ.

ඒ වෙද්දී කුසල් ක්‍රිකට් සෙල්ලම් කරනවද?

19 න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ හිටියා. හැබැයි ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා නම් එයා ලොකුවට දැනගෙන හිටියේ නැහැ.

මේ අවුරුදු 8 තුළ වැඩියෙන්ම තරහා වෙලා තියෙන්නේ මොන වගේ දේවල් නිසාද?

එහෙම නිතර රණ්ඩු වෙන්නේ නැහැ. පාටිවලට ගියාම ගොඩක් රෑ වෙනකම් හිටිය දවස්වලට පොඩ්ඩක් හිත් අමනාපකම් ඇති වෙලා තියෙනවා. රණ්ඩුවෙලා නැහැම කිව්වොත් ඒක බොරුවක්නේ.

කවුද තරහ වුණාම මුලින්ම කතා කරන්නේ…

කොහොම හිත් අමනාපකම් තිබ්බත් පහුවදා උදේට එයා හරි මම හරි කතා කරනවාමයි. මම එයාගෙන් දැක්ක විශේෂත්වයත් ඒකයි. ඇතිවුණු හිත් අමනාපකම් ලොකුවට දුර අරන් යන්නේ නැහැ.

ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වෙද්දීත් පාසල් ප්‍රේමය නොවෙනස්ව තියෙන්න නිශේල් තුළින් දැක්කේ මොනවද?

අපි යාළුවුණ මුල් කාලේ එයාගේ තාත්තා අපේ මේ සම්බන්ධය දැනගෙන විරුද්ධ වුණා. එයා ඒ හැමවෙලේම කිව්වේ ඒ දේවල් එහෙම වුණත් මාව අතහරින්නේ නැහැ කියන එක. ඉතින් මම ජනප්‍රිය නැති ජාතික තලය නියෝජනය කරන්නේ නැති කාලේ මගෙත් එක්ක හිටිය ඇයව මට හැමදාම විශේෂ වුණා සහ මට ඇයව විශ්වාස කරන්න පුළුවන් වුණා. ඒ විශ්වාසය ආදරය තමා ජය ගත්තේ.

කුසල් ඔයා මේ දේ නම් වෙනස් කරගන්න ඕනේ, එහෙම කියන්නේ නැද්ද?

මම ගොඩක් අයව විශ්වාස කරනවා. මොකද මම හැම මනුස්සයම දකින්නේ එකම විදියට ඒ නිසා හැමෝම එක්ක ඉන්නේ එකම වගේ. ඒ නිසා මම ඕනෙවට වඩා මිනිස්සු විශ්වාස කරන එක කරන්න එපා කියලා තියෙනවා. මිනිස්සු ඇසුරු කරද්දී පරිස්සමෙන් කියන එක කියනවා.

නිශේල්ට රසට කෑම එහෙම හදන්න පුළුවන්ද?

මේ දවස්වල නම් අපේ අම්මා එක්ක එකතු වෙලා කෑම ජාති හදන්නේ. තව මාසයකින් දෙකකින් වගේ අපේම කියලා ගෙදරකට යනවා. එතකොට ඉතින් රසට කෑම ජාති හදලා දෙයි කියලා මම හිතනවා.

නිශේල්, කුසල් ක්‍රීඩා කරන හැම තරගයක්ම බලන්න එනවද?

ගොඩක් වෙලාවට මගේ අම්මලත් එක්ක ඉස්සර එයත් ආවා. ඉදිරියේදී පුළුවන් හැම තරගයක්ම බලන්න එයත් එයි.

එතකොට පිටරට තරගවලට යද්දී නිශේල්වත් එක්ක යනවද?

ඔව්, පුළුවන් හැමවෙලාවේම එයාව එක්ක යන්න තමා බලන්නේ.

ජීවිතේ ඉදිරි අරමුණු…

මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් නිශේල් එක්ක සතුටින් ජීවත් වෙන එක. මගේ අම්මයි තාත්තයි ජීවත් වුණු විදිය මම දැක්කා. මොන ප්‍රශ්න ආවත් ඒ දෙන්නා ආදරයෙන් හිටියා. මම බලන්නෙත් ඒ වගේ මගේ තාත්තා අම්මට සලකපු විදියට මමත් මගේ වයිෆ් එක්ක සතුටින් ඉන්න.

මේ විදියට අපි කුසල් එක්ක කතා කරද්දී නිශේල් හිටියේ කුසල්ගේ ළඟින්ම, ඉතින් කතා නොකර කොහොමද? නිශේල් ඇයි කුසල්වම විවාහයට තෝරා ගත්තේ…

කුසල් කියන්නේ මගේ ප්‍රථම ප්‍රේමය. පාසල් යන කාලෙදි තමා මට කුසල්ව හමුවුණේ. අපි දෙන්නා කාලයක් තිස්සේ ආදරය කරද්දී මට දැනුණා එයා හොඳ කෙනෙක් බව. මොන දේ වුණත් මට කියනවා. ඒ දේවල් එක්ක තමා ආදරය විවාහය දක්වා ආවේ.

දැන් රටේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක්, එහෙම කෙනෙක් විවාහ කරගන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ…

එදා අපි යාළුවෙද්දී හිටියට වඩා ජීවිතේ ලොකු ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගැන මට සතුටුයි. එයා ඉදිරියේදීත් හොඳින් ක්‍රීඩා කරනවා දකින එක තමා මගේ එකම බලාපොරොත්තුව.

අනුෂා රණසිංහ

ShareTweetSendShare

Related Posts

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි
Gossip Mania

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
සිනෙති අකිලාගේ Anniversary shoot එක – Photos
Gossip Mania

සිනෙති අකිලාගේ Anniversary shoot එක – Photos

2021-03-01
4
විනූ සිරිවර්ධන 6th Month ඇනිවසරි එක සමරයි – Photos
Gossip Mania

විනූ සිරිවර්ධන 6th Month ඇනිවසරි එක සමරයි – Photos

2021-03-01
17
කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු ඡායාරූප – Photos
Gossip Mania

කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු ඡායාරූප – Photos

2021-03-01
10
ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
4
සිනෙතිගේ නවතම හැඩවැඩ – Photos
Gossip Mania

සිනෙතිගේ නවතම හැඩවැඩ – Photos

2021-02-28
12
Next Post
පේදුරුතුඩුව ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

පේදුරුතුඩුව ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

වියළි කහ සහ කේරළ ගංජා සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළට

2021-03-01
0
15

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

කොරෝනා ආසාදිතයන් 192 ක්

2021-03-01
0
5

තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

ආසාදිතයින් 475කට සුවය

2021-03-01
0
6

අද (01) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි...

බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරටත් කොරෝනා

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17 වන දාට කල් යයි

2021-03-01
0
2

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර...

රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු පත් කෙරේ

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ

2021-03-01
0
4

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා. ඒ අනුව, නව ලේකම්වරු...

Sports News

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk