කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය හා වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරි කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් 19 වයිරසය වැළඳී තිබීම හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.
කුරුණෑගල උතුර තැපැල් අධිකාරි කාර්යාලය පවසන්නේ මහජන පරීක්ෂකවරුන්ගේ දැනුම්දීම් මත එම කාර්යාල වසා දැමීමට පියවර ගැනුණු බවයි.
Discussion about this post