කිලිනොච්චිය පොලිස් වසමේ කිලිනොච්චිය යාපනය මාර්ගයේ දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වු යතුරුපැදියක් අනතුරකට පත්වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මාධ්‍යයේ ඇති දූපත කොටසේ ගැටී යතුරුපැදිය පෙරළී ගොස් තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වු කිෂ්නපුරම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර ඇත.

කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්