කැරිබියානු කලාපයේ මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.
ඉන් ජැමෙයිකාවට සහ අමෙරිකාවේ ප්‍රාන්ත කිහපයකට බලපෑම් එල්ලවී තිබුණි.
කැරිබියානු කලාපයේ ජැමෙයිකාව, කියුබාව සහ කේමන් දූපත් අතර ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබුණි. මැග්නිටියුඩ් ඒකක 7.7ක් ලෙස ප්‍රබලත්වය සටහන් වූ භූ කම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන තිබූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණද පසුව ඉවත් කරගෙන තිබේ.

භූ කම්පනයේ බලපෑමෙන් භූ චලනයක් සිදුවූ බවත් ගොඩනැගිලි පවා සෙලවුණු බවත් විදෙස් වාර්තාවල සඳහන්.

ඉන් ජැමෙයිකාවට සහ අමෙරිකාවේ මියාමි සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්තවලටත් බලපෑම් එල්ලවී තිබුණි.

මේ සමඟ පුද්ගලයන් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යැවීමටත් බලධාරීන් කටයුතු කළේය.
කෙසේ නමුත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු කිසිවක් වාර්තාවී නැහැ.

මෙන්න බලන්න තවත් පුවත්