කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා වෙරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32ක් දක්වා ඉහල ගොස් ඇත. 

ඉන් ආසාදිතයින් 20 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බේරුවල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

අද දිනයේ කොරෝනා වෛසරය ආසාදනය වූ රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගැණුනු අතර ඔවුන් සියලු දෙනා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්. 

මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 203 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනඅතර එම සංඛ්‍යාව 45ක්.

මෙන්න බලන්න තවත් පුවත්