පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කොරෝනා බවට සැක සහිත පුද්ගලයෙකු ජාතික බෝවන රෝග විද්‍යාතනය හෙවත් (IDH) රෝහල වෙත මාරු කර යවා තිබේ.

පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් මහතා සඳහන් කළේ, ඊයේ ඉතාලියේ සිට පැමිණි 43 හැවිරිදි පුද්ගලයෙකු එලෙස (IDH) රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි.

ඔහු වසර 3 කට අධික කාලයක් ඉතාලියේ කොන්සොන්නෝ නගරයේ දිවිගෙවූ අයෙකි.

මේ අතර කොරෝනා බවට සැක කෙරෙන පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ පස්වරුව වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ය.

මෙන්න බලන්න තවත් පුවත්