කොවිඩ්-19 වෛරසය හමුවේ එක් ස්ථානයකට රැස්විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනකු දක්වා සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අඩාල කිරිමේ අරමුණින් ක්‍රියාත්මක සමාජ දුරස්ථභාවය ඇති කිරිමේ වැඩපිලිවෙළ යටතේයි.

මෙලෙසින්ම විවාහ මංගල්‍යක් සඳහා සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 5ක් දක්වා සිමා කළ යුතු බවයි මීට සතියකට පෙර ඕස්ට්‍රේලියාව නිවේදනය කළේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාදිතයින් 4,163 ක් වාර්තා වන අතර මිය ගිය පුද්ගලයින් ගණන 17කි.

මෙන්න බලන්න තවත් පුවත්