ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් විසි දහසක් මෙම වසරේ ගෙන්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.
ඒ, මෙරට කිරි කර්මාන්තය නගාසිටුවීමේ අරමුණින්.
අමාත්‍යවරයා සඳහන් කළේ කිරි ගවයන් ආනයනය කිරීම සඳහා කිරි කර්මාන්තයේ යෙදෙන පිරිස මුදල් ආයෝජනය කරන බවයි.
හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කරන බවත්, දිවයිනේ පශු වෛද්‍ය කාර්යාල 273 ආශ්‍රිතව ගොවි බල මණ්ඩල පිහිටුවන බවත්
විදේශ රටවලින් ආනයනය කරනු ලබන කිරි ගවයන්ගේ දෙවැනි හා තෙවැනි පැටවුන් දේශීය කිරි ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බවයි.
Discussion about this post