කාලයක් විරසකව සිටි නමුත් මෑත කාලයේ යලිත් මිතුරුව සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු නිළි යුවළක් වන ශාරුක් ඛාන් සහ ඓශ්වර්යා රායි ඉදිරියේදී Netflix නිෂ්පාදන සමාගම විසින් නිර්මාණය කරන ටෙලි නාට්‍ය කතා මාලාවක් සඳහා එක්වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙනවා . කථාමය ස්වරූපයක් ගන්නා මෙම ටෙලි නාට්‍ය මාලාව කොටස් ඉතා සුළු ප්‍රමාණයකින් සමන්විත එකක් බව සඳහන් වේ . අයිශ්වර්යා හා ෂාරුක් අවසන් වරට රංගනයෙන් දායක වුණේ කරන් ජොහාර්ගේ ඒ දිල් හේ මුෂ්කිල් චිත්‍රපටයේය . එහි ඓශ්වර්යා ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර ෂාරුක් ආරාධිත රංගනයෙන් දායක විය

මෙන්න බලන්න තවත් පුවත්