ශ්‍රී ලංකාවේ රජය සහ ආරක්සක හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරන බව දක්වමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ශ්‍රී ලංකාවට පත් කරන මෙල් තමිල් තේසියා කොට්ටානි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙතින් ඉල්ලා තිබෙනවා.
විගේනේෂ්වරන් මහතා මීට පෙර ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස ඉල්ලා තිබුණද ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැති නිසා ඒම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.
මේ වසරේ මාර්තු මස පැවැත්වෙන 46 වන ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පත් කරන ලෙස දැක්වෙන යෝජනාව ඔහු ගොනු කර තිබෙනවා.
Discussion about this post