උපරිමාධිකරණ සංකීර්ණයේ පසුගියදා ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පුද්ගලයින් 57 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ එම ගොඩනැගිල්ලේ විශේෂ පවිත්‍රතා, ආරක්ෂක සහ උපරිමාධිකරණ කාර්ය මණ්ඩල සේවකයින්ගෙන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මීට අමතරව ලබන සතිය තුළදී සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමටද බලාපොරොත්තු වන බවයි.
Discussion about this post