කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළ ව කෙසෙල්වත්ත පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
අධිකරණ වාර්තාකරු පැවසුවේ කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් අද (16) දහවල් වාර්තාවක් ඉදිරිපත්කරමින් එම කරුණු වාර්තා කිරීම සිදුකළ බවයි.
මෙම සිද්ධියට අදාළව දැනට සිදුකර ඇති මූලික පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන කරුණු සාරාංශයක් ද මෙම වාර්තා මගින් අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණි.
ඊයේ පස්වරුවේ කොළඹ අලුත්කඩේ පිහිටි උපරාමාධිකරණ සංකීර්ණයේ අබිලි ද්‍රව්‍ය ගබඩා කර තිබු ස්ථානයක එම ගින්න ඇතිවිය.
පසුව ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපැවැත්විය.
Discussion about this post