පොලීසියේ සහ ප්‍රාදේශීය සභාවේ උපදෙස් නොතකමින් ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ විවෘත කර තිබූ වෙළඳසැල් කිහිපයක හිමිකරුවන් අද මාවනැල්ල පොලීසිය, සිය භාරයට ගත්තේය.

25 දෙනෙකුගෙන් සමන්විත පිරිසට පොලිසිය අවවාද කර මුදාහැර තිබේ.

මේ අතර ඇඳිරිනීතිය ක්‍රියාත්මකව තිබියදී මෝටර් රථයකින් මත්පෙති ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අහුංගල්ල පොලීසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු සතුව තිබී මත්පෙති 253ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ අටකට අධිකයි.

සැකකරු අහුංගල්ල මාකුඹුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු බලපිටිය මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කෙරැණි. 

මෙන්න බලන්න තවත් පුවත්