දීර්ඝ නිවාඩුව ඇතුළු උත්සව සමය තුළ බස්නාහිරින් පිටවීම සහ ඇතුළුවීම සම්බන්ධයෙන් සංචරණ සීමා අනිවාර්යෙන්ම පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසනවා.
එසේ නොවුණහොත් 2021 වසර ඛේදවාචකයකින් ආරම්භවීම වැළැක්විය නොහැකිවනු ඇති බවටයි ඔහු අනතුරු අඟවා සිටින්නේ.
පවතින තත්ත්වයේ නිසිලෙස කළමනාකරණය කර නොගතහොත් ඉදිරි ආර්ථීක සැලසුම් වතුරේ යනු ඇති බවත් එබැවින් මේ මොහොතේ ගත යුතු හොඳම සහ නිවැරදිම තීරණය ගැනීම බලධාරීන්ගේ වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
එසේම නිරෝධායන නීති කඩවන තැන් අහුරා දැමිය යුතු බවත් සඳහන් කළ වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මත්පැන් සහ දුම්වැටි අලෙවිය සඳහා වහා වැට බැඳිය යුතුව ඇති බවත් කියා සිටියා.
එංගලන්තයෙන් සොයාගෙන ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදය ලොව පුරා සීග්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් ඒ පිළිබඳව ගත යුතු කඩිනම් පියවරද නොවළහා ගත යුතු යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post