උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට ලබාගන්නා දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කෙසේවෙතත් ඔහු සදහන් කළේ උත්සව සමයේ නිරෝධායන ඇඳිරි නීතිය පැණවීමට හෝ හුදෙකලා කිරීමක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
නමුත් පවතින තත්වය සළකා ඕනෑම අවස්ථාවක සංචරණ සීමා පැනවිය හැකි බවත් ජනතාවට මෙහිදී වැඩි වගකීමක් පැවරෙන බව ද බස්නාහිර පළාතෙන් බැහැරට යාම හැකිතාක් අවම කරන ලෙසද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනටමත් ජනතාව හෝටල් වෙන් කර ගෙන ඇති බවට ද තොරතුරු ලැබී තිබෙන බවත් එලෙස වෙන්කරගෙන ඇති හෝටල් හිමිකරුවන් හට ද දැඩි වගකීමක් පැවරෙන බවයි.
Discussion about this post