මගීන් දෙදෙනෙක් උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වැනිස් සිට පැමිණි දුම්රියක්  සිය දේශසීමාවේ නතර කිරීමට ඔස්ට්‍රියාව පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් එම පුද්ගලයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පසුව නිවේදනය කළේය.

මේ අතර ආසාදිතයින් ඉහළ යමින් පවතින දකුණු කොරියාව සහ ඉරානය ද වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට කටයුතු කරමින් සිටියි.

ඒ අනුව යමින් දකුණු කොරියානු රජය එරට අනතුරු හැගවීමේ තත්ත්වය කොරෝනා උපරිම තත්වයට හෙවත් “බරපතළ ” මටට්ම දක්වා ඉහළ නැංවීමට ඊයේ(23) දිනයේ පියවර ගත්තේය.

මේ අතර ජපානය අසළ නැංගුරම් ලා තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට එක්සත් රාජධානියට රැගෙන ආ සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

වෛරසය හේතුවෙන් මේ දක්වා ලොව පුරා වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 80000කට ආසන්න  අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2400කට අධිකයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 2467ක්.

මේ අතර වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලියේ සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමඟ නවතා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තේය.

චීනයේ වුහාන් නඟරයෙන් ඇරඹි නව කොරෝනා වෛරසය අද වන විට යුරෝපය ගිල ගනිමින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වෙමින් ඉතාලියෙන් ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර මරණ තුනක් සිදුව තිබේ.

වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමග නවතා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තේය.

වෛරස ව්‍යාප්තිය හමුවේ මිලාන් සහ වැනිස් නගරවලට ආසන්නව පිහිටා ඇති උතුරුදිග ප්‍රදේශ දෙකක් නිරෝධායනයට ලක්කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

ඒ අනුව 50,000 කට ආසන්න පිරිසකට විශේෂ අවසරයකින් තොරව ඉදිරි සති දෙක තුළ  වෙනෙටෝ  සහ ලොම්බාර්ඩි  ප්‍රදේශවල  නගර කිහිපයකට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හැකියාවක් නොමැති වනු ඇති.

කලාපයෙන් පිටතත්  බොහෝ ව්‍යාපාර සහ පාසල් ක්‍රියාකාරකම් අඩපණවී ඇති  අතර ඉහළ පෙළේ පාපන්දු තරඟ කිහිපයක් ඇතුළුව ක්‍රීඩා ඉසව් අවලංගු කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්