උණ රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටියදී බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ (7) සිදුකෙරිණි.

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබුනේ කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කරන ආකාරයට හොරණ ආදාහනාගාරයේ දී ය.

70 හැවිරිදි එම පුද්ගලයා බණ්ඩාරගම නාමලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මළ සිරුරේ පටක වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර හොරණ සහ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීම මත මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කළේය.

මෙන්න බලන්න තවත් පුවත්