මෙල්බර්න් පර්යේෂකයන් පවසා සිටින්නේ හිස උකුණන්ට එරෙහිව සටන් කිරීම සඳහා බහුලව භාවිතා වන පරපෝෂිත විරෝධී ඖෂධයක් විද්‍යාගාරයේදී COVID-19 වෛරසය පැය 48 ක් තුළ විනාශ කිරීමට සමත් බව සොයාගෙන ඇති බවයි.

මොනාෂ් විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ අයිවර්මෙක්ටින් නම් ඖෂධයේ ඉහළ මාත්‍රාවකින් මිනිස් සෛල තුළ වැඩෙන SARS-CoV-2 වෛරසය විශ්‍යාගාර බඳුනක් තුලදී නැසිය හැකි බවයි.

පරීක්ෂණාගාරයක සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵල මිනිස් ශරීරයක් තුලතී ලැබෙන ප්‍රතිඵල වලින් වෙනස් වීමට බොහෝ ඉඩකඩ ඇති නමුත් මෙහි බලාපොරොත්තු සහගත කරුණ වන්නේ අයිවර්මෙක්ටින් දැනටත් මිනිසුන් තුළ පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති අතර එය සාධාරණ ලෙස ආරක්ෂිත යැයි සැලකෙන බැවිනි. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ දැනටත් ඇත.

මෙන්න බලන්න තවත් පුවත්