ඉරාකයේ නව අගමැතිවරයාට එරෙහිව බැග්ඩෑඩ් අගනුවරදී දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ.

එහිදී විරෝධතාකරුවන් හා තවත් පාර්ශවයක් අතර ගැටුමක්ද හටගෙන තිබුණි.

ඉරාක රජයට එරෙහිව පැවති අඛණ්ඩ විරෝධතා හේතුවෙන් එරට හිටපු අගමැති අදෙල් අබ්දුල් මහ්දි ධුරයෙන් ඉල්ලා අස්විය.

අනතුරුව ජනාධිපතිවරයා විසින් මොහොමඩ් තව්ෆික් අලාවි නව අගමැතිවරයා ලෙස පත් කළේය.

මේ වන විට නව අගමැතිවරයාටද ජනතාවගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

නව අගමැතිවරයාට එරෙහි විරෝධතාවක් බැග්ඩෑඩ් අගනුවරදී පැවැත්වුණේ දහස් ගණනකගේ සහභාගිත්වයෙන්.

රටේ අගමැතිවරයා ජනතාව විසින් පත්කළ යුතු බවයි විරෝධතාකරුවන් එහිදී පෙන්වා දුන්නේය.

අගමැති තව්ෆීක් අලාවි ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද ඔවුන් පෙන්වා දුන්නේය.

මේ අතර විරෝධතාකරුවන් විසුරුවාහැරීමට අගමැතිවරයාට හිතවාදී කණ්ඩායමක් උත්සහ දරා තිබුණි.

එහිදී දෙපාර්ශවය අතර ගැටුමක්ද හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්