කොවිඩ් 19 වෛරස රෝගි තත්ත්වය හේතුවෙන් මේ වන විට අප රටේ ඉන්ධ අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.

විදුලිබල බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ලෝක ඉන්ධන මිල පහත ගිය ද මේ වන විට මහජනතාව තම ගමන් බිමන් සීමා කර තිබේ.

බස් රථ හා දුම්රිය ද ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවේ.

එම හේතුවෙන් ඉන්ධන අලෙවිය නොසිරු විරූ අයුරින් පහළ ගොස් තිබේ.

ගත වු දින කිහිපය තුළ කාර්යාල වසා දැමීම මෙන්ම පාසැල් වසා දැමීම වැනි හේතුන් නිසාවෙන් ගමනා ගමනය අවම වී තිබේ.

ඒ නිසාවෙන් ලංගම, පුද්ගලික බස් රථ මෙන්ම දුම්රිය ද දෛනික ලබන ආදායම සියයට 50 කින් පහත වැටී ඇති බවත් අදාළ ආයතනවලින් අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්