ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පෙම් යුවලක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය විවාහය සිදු කිරීමේ පුවතක් වාර්තාවනවා.

කොරෝනා හෙවත් කෝවිඩ් – 19 වෛරසය හේතුවෙන් මාර්තු 24 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා ඉන්දියාව වසා දැමීමටයි එරට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේ.

ඒ අනුව එම කාලසීමාව තුළ සමූහ වශයෙන් එක්රැස් වීම හා පෞද්ගලික සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම සඳහා අවසර හිමිවන්නේ නැහැ.

ඒ අනුව මෙම යුවල වීඩියෝ ඇමතුමක් ඔස්සේ සිය විවාහය සිදු කර තිබෙනවා.

ඒ සියලු චාරිත්‍ර වීඩියෝ ඇමතුම ඔස්සේ සිදු කරමින්.

රට අකර්මණ්‍ය කිරීමට පෙර ඔවුන් විවාහය සඳහා දිනය නියම කරගෙන තිබූ අතර අමුත්තන් සඳහා ආරාධනාපත්ද යවා තිබෙනවා.

නමුත් ඒ කිසිවෙකුටත් විවාහය සඳහා සහභාගී විය නොහැකි බැවින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය විවාහය ඔවුන්ට දැකබලා ගැනීමට මෙම යුවල කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් රට අකර්මණ්‍ය කිරීමෙන් ඔවුන්ගේ සියලු සැලසුම් බිඳවැටී ඇති අතර ඒ හේතුවෙන් මෙලෙස විවාහය සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්