සියලු සංචාරක වීසා සහ අන්තර්ජාල වීසා නිකුත් කිරීම නැවැත්වීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

ඒ අනුව හෙට(13) දිනයේ සිට බලපැවැත්වෙන මෙම නීතිය යටතේ රාජතාන්ත්‍රිකයන්, නිලධාරීන්, එක්සත් ජාතීන් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන, සේවකයින්, ව්‍යාපෘති නිලධාරීන් හැර අන් සියලුමදෙනා වෙත වීසා නිකුත් නොකෙරෙනු ඇති.

මේ අතර බ්‍රිතාන්‍යය හැර අන් සියලු යුරෝපානු රාජ්‍යයන්ගේ සිට අමෙරිකාව වෙත සිදුකරන සියලු ගමන් තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අදාළ නිවේදනය සිදුකරමින් අවධාරණය කර සිටියේ අදින් ඇරඹී දින 30ක කාලයක් පුරාවට මෙම තහනම වලංගුවන බවයි.

මෙන්න බලන්න තවත් පුවත්