ඉන්දියාවේ බුද්ධගයා පුදබිමේදී අලංකාර පෙරහැරක් පවත්වා තිබුණි.
භික්ෂූන් වහන්සේ හා සැදැහැවතුන් බොහෝ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියේය.
ලොව පුරා බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවන බුද්ධගයා පුදබිම පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේයි.

වාර්ෂිකව විදේශිකයන් ඇතුළු බොහෝ පිරිසක් මෙම පුදබිම වන්දනා කිරීමට පැමිණෙයි.

බුද්ධගයා පුදබිම ආශ්‍රිතව අලංකාර පෙරහැරක් පසුගියදා පවත්වා තිබුණි.

පෙරහැරට ශ්‍රී ලංකාවෙන්, තායිලන්තයෙන්, ජපානයෙන්, දකුණු කොරියාවෙන් හා ටිබෙට් දේශයෙන් සැදැහැවතුන් සහභාගිවී සිටියා.

එහි අවස්ථා කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙහිදී බුදුන් වහන්සේගේ සහ සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක්ද පවත්වා ඇති බව සඳහන්.

මෙම පෙරහැර 2007 වර්ෂයේ සිට බුද්ධගයා පුදබිමේදී වාර්ෂිකව පවත්වන බව ඉන්දීය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්