කොවිඩ්ව වසංගතය හේතුවෙන් ඉන්දියාවේ පලතුරු අලෙවිකරුවන් අර්බුදයකට මුහුණ පා තිබේ.

පවතින තත්ත්වය හමුවේ අඹ අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව ඇති බව සඳහන්.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මිනිස් ජීවිත රැසක් අහිමිව තිබේ.

වෛරස ව්‍යාප්තිය සදහා දැඩි සංචරණ සීමා පැනවීමට ලෝක නායකයින්ට සිදුවීමෙන් ගෝලීය ආර්ථිකයටද මරු පහරක් එල්ලවී ඇති බව නොරහසක්.

වසංගතය හේතුවෙන් ඉන්දියාවේ පලතුරු අලෙවිකරුවන් මුහුණදී ඇති අර්බුදය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

වසරේ වඩාත් සශ්‍රීකම කාලසීමාව වන මේ සමයේදී, ඉන්දියාවේ උසස් අඹ අස්වැන්නක් ලැබී තිබේ.

කෙසේ නමුත් දින 40කට රට වසාදැමීමත් සමඟින් සිය අස්වැන්න අලෙවිකරගැනීමට නොහැකිව අඹ ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටියි.

එක් වෙළෙන්දෙක් පැවසුවේ පසුගිය සමයේදී ඉන්දීය රුපියල් 4000ත් 5000ත් අතර මිලකට අලෙවි වූ අඹ පෙට්ටියක්, අදවනවිට අලෙවි වන්නේ ඉන්දීය රුපියල් දාහත්,1500ත් අතර මුදලකට බවයි.

ඉන් තමන් මහත් අපහසුතාවට පත්ව ඇති බවත් වෙළෙන්දන් පෙන්වා දෙයි.

මෙන්න බලන්න තවත් පුවත්