මෙරටට ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද දින (29) ආරම්භ වෙයි.

හෙට (30) දිනයේ සිට එන්නත් කිරීම් කටයුතු සෙසු පළාත්වල සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඊයේ (28) දිනයේ මෙරටට ලැබුණ එම එන්නත්, මධ්‍යම එන්නත් ගබඩාව මඟින් බෙදාහැරීම් කටයුතු ඊයේ රාත්‍රියේදීම ආරම්භ ක‍ර තිබේ.

එම එන්නත ලබාදීම සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් හදුනාගත් ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

 

මෙන්න බලන්න තවත් පුවත්