එළඹෙන මාස කිහිපය අපහසු කාලයක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ඒ අනුව රටේ ජනතාවට රැකියාවන් සඳහා අවස්ථාවන් නිර්මාණය කරදීමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බව ඔහු පෙන්වා දෙනවා.
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මැද කොළඹ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ
“අපිට ඊළඟ මාස කිහිපය අමාරු කාලයක්. තාමත් අපේ රට විවෘත වෙලා නෑ. ඉතින් ඊළඟ කාලය තුළදී අපි රැකියා නැවත බිහිකරනවා. ඒකට, රටේ ජනතාවට අවස්ථාවන් ඇති කළ යුතුයි. හැම අවුරුද්දෙම රැකියා වෙළෙඳපොළට හාරලක්ෂයක් එළියට එනවා. ඒ අයට රැකියා ඇතිකරන්න ඕනේ.” බවයි.
Discussion about this post