මාධ්‍යවේදිනී නාමිනි විජේදාස මහත්මිය හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා ඇඳිරි නීතිය ඇති කාල සිමාව තුලදී ඔහු විසින් පැවැත්වූ සාදයක් පිළිබඳව සමජ්මාධ්‍ය ජාලයන්හි පළකර ඇති පුවත සම්පුර්ණයෙන් අසත්‍යක් බව දහම් සිරිසේන මහතා පවසයි.

ඔහු ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ පිළිබඳව කියා සිටිනවා.

දහම් සිරිසේන මහතා මේ වන විට සිය පවුල සමඟ නිවසේ කල්ගෙවන බවත් නමුත් නාමිනි මහත්මිය පවසන අයුරින් එය කේම්බ්‍රිජ් පෙදෙසේ පිහිටා නැති බවත් ඒ මහතා එහි සනදහන් කරනවා.

නාමිනි මහත්මිය පෙරදා සිහිනයක් දැක ඇති අයගේ සටහනේ දැක්වෙන පරිදි සිදුවීම් එහිදී දකින්නට ඇති බව විශ්වාස කරන බවත් ඔහු එහි තවදුරටත් කියා සිටිනවා.

ජනමාධ්‍යවේදීන් ලෙස කරනු ලබන සේවය අගය කරනු ලබන අතර තවත් පුද්ගලයකුගේ හොඳ නම කෙලෙසීමට එය භාවිතා නොකරන ලෙසත් ඇය විසින් පළකර ඇති සටහන සමාජයේ බොහෝ ලෙස ව්‍යාපත් වී ඇති හෙයින් ඔහුගේ කීර්ති නාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් ක්‍රියා කරනු ලබන බවද ඔහු මෙහි සටහන් කර තිබෙනවා.

“මා ගැන බියකරු සිහින දැකීම ගැන මම ඔබට අනුකම්පා කරන අතර , ඔබගේ පවුලේ අය සහ මිතුරන් රැකබලා ගන්න. ඊටත් වඩා වැදගත් වන්නේ #StayHome සහ #BeMindful” ලෙස ඔහුගේ සටහනින් ඔහු කියා සිටිනවා.

මෙන්න බලන්න තවත් පුවත්