කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් ‌‌දෙන තුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අංශය සඳහන් කරන්නේ ‌හෙට (30) උදෑසන 6 සිට පැය 6ක කාලයක් ‌සෙසු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ලිහිල් ‌කෙරෙන බවයි.

මීට අමතරව කළුතර අටළුගම සහ මහනුවර අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ බවට පත් කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්