කොවිඩ්-19 වෛරස් ආසාදිත රෝගීන් දිවයින කිහිප ස්ථානයකදීම හමුවීම නිසා, මෙම රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස රජය පියවර කිහිපයක් මේවන විට ගෙන ඇත.

හඳුනාගත් අවදානම් කලාපයක් ලෙස නම් කෙරුණු දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ඉන් එක පියවරකි.

එහෙත් මෙහි බැරෑරුම් කම වටහා නොගත් පිරිස් විසින් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම් රාශියක් සිදුකර ඇති අතර මේවන විට එය 11,000ද ඉක්මවා ඇත.

පොලිසිය විසින් නිකුත් කරන ලද ඇදිරිනීති බලපත්‍රයද අවභාවිතා කරන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකාවේ මෙන් නොවුනත් ඉන්දියානු රජය විසින්ද කොරෝනා ආසාදනය ව්‍යාප්තවීම වැළැක්වීමට දින විසිඑකක් මුළුමනින්ම රට වසා දැමීමට තීරණය කරන ලදී.ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන්ට ඉන්දීය පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙන අයුරු ඇතුලත් දර්ශන පෙළක් විද්‍යුත් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විශාල වශයෙන් හුවමාරු වෙනු දක්නට ලැබුණි.

රටතුල සහ ලෝකය තුල කොරෝනා වෛරස් බියක් සෑම තැනකම පැතිර ඇති පසුබිමක “ඇඳිරි නීතිය කඩ කළා කියලා මේ අලුත්කඩේ අද ගුටි කාපු කොල්ලා… මේ පොලිසියෙන්ද ගහන්නේ.. හැමෝම රජයට සහය වෙන්න මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා” තේමාව යටතේ දැඩි ලෙස පහරකෑ තරුණයකු ඇඳක වැතිර සිටින ඡායාරූපයක් සහ යතුරුපැදියක ගමන් කරන්නෙකුට පහරදෙන අපැහැදිලි ඡායාරූප සංකලනයක් සහිතව සටහනක් Italy & SL නමැති ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත්ව තිබෙනු නිරීක්ෂණය විය.

එම මුල් සටහන Padmasiri Dasanayaka නැමැත්තෙකු විසින් පළකර මේ වනවිට නම දමා තිබුණි.

ලංකාවේ මෙවැනි සිදුවීමක් පිලිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා වාර්තා වී තිබෙනු දක්නට නොලැබුණි.

මෙන්න බලන්න තවත් පුවත්