මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය පසුගිය 2020 මැයි මාසය තුළ දී
රු. බිලියන 14,024.7 සිට රු. බිලියන 13,895.9 දක්වා රු. බිලියන 128.8 කින් අඩු වී ඇති බව
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.
මෙහිදී රජයේ මුළු දේශීය ණය ප්‍රමාණය
රු. බිලියන 7,217.7 සිට රු. බිලියන 7,381.4 ක් දක්වා රු. බිලියන 163.7 කින් ඉහළ ගොස් තිබේ.
නමුත් මැයි මාසය තුළ දී විදෙස් ණය ප්‍රමාණය
රු. බිලිියන 6,807.1 සිට රු. බිලියන 6,514.5 ක් දක්වා රු. බිලියන 292.6 කින් පහළ යාම කැපී පෙනෙන කාරණයකි.
කෙසේ වෙතත් 2020 මුල් මාස 05 තුළ දී මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 864.4 කින් වැඩි වී තිබේ.




Discussion about this post