ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නීත්‍යානුකූල බවට ජගත් ක්‍රිකට් කවුන්සල තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව ඔහුට ඉදිරියේ දී ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමේ හැකියාව පවතිනු ඇති.
ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 22 වනදා ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත භාර දී තිබුණා.
එම දර්ශන නැරඹීමෙන් පසුව ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත්තේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවයි.
Discussion about this post