පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉවත් කර නව මහ බැංකු අධිපතිවරයෙකු ලෙස හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කරමින් තමා විසින් රටට විශාල සේවයක් සිදුකළ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද දෙරණ 360 දේශපාලන සංවාද වැඩසටහනට ඊයේ(24) එක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එවකට මුදල් ඇමති ලෙස සිටි රවී කරුණානායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ධූර කාලය තුළ දී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි වූ බවද, ඔහු පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉවත් කරන ලෙස විශාල වශයෙන් ඉල්ලීම් කළද, එය සිදු නොවූ බවද, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

එවකට වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස තමා විසින් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉවත් කළ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්