දකුණු කොරියාවේ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු අනතුරුවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 30දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
දින 46ක් පුරා පැවති අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් අනතුරුවලින් මෙම මරණ වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදි පුද්ගලයින් 12 දෙනෙකු පමණ මේ වන විට අතුරුදන්ව තිබේ.
එමෙන්ම අනාරක්ෂිත ප්‍රදේශවල සිටින පුද්ගලයින් 6000ක් පමණ එම ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව ද වාර්තා විය.
Discussion about this post