අමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා මෙතෙක් සිදු කළ මූල්‍ය පරිත්‍යාග කපා හැර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී බවයි.

එබැවින් ඊට එරෙහිව දැඩි පියවර අනුගමනය කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වසංගතයේ නවතම තොරතුරු දැනුම්දීම සඳහා ධවල මන්දිරයේදී දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් මේ පිළිබඳ සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය පිළිබඳ නිසි ලෙස තොරතුරු ලබා නොදුන් බවයි.

ඔවුන් නිසි ආකාරයෙන් කටයුතු සිදු කළේනම් මින් මාස කිහිපයකට පෙර මේ සම්බන්ධව අනතුරු ඇඟවිය යුතුව තිබූ බවයි ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ.

මෙන්න බලන්න තවත් පුවත්