නව ආසාදිතයින් දෙලක්ෂ තිස් හය දහසක් ඊයේ වාර්තා වීමත් සමගින් අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 20 ඉක්මවා ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
ඒ් අනුව අමෙරිකාවේ ආසාදිතයින් ගණන දෙකෝටි හාර ලක්ෂ පනස් එක් දහස් තුන්සිය දෙකක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට මරණ සංඛ්‍යාව ද සීග්‍ර ලෙසින් ඉහළ ගොස් ඇති අතර පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් කොරෝනා හේතුවෙන් පුද්ගලයින් 78,000 ක් මියගොස් තිබෙනවා.
අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් හතර දහස් තුන්සිය දහසයක් වනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, අමෙරිකාවේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කැලිෆෝනියාවෙන් වන අතර එම සංඛ්‍යාව මිලියන 2.28 ක් වන බවයි.
ටෙක්සාස්හි මිලියන 1.76 ක් ද ෆ්ලොරිඩාවෙන් ආසාදිතයින් මිලියන 1.32 ක් ද වාර්තා වනවා.
මේ වනවිට අමෙරිකාවේ රෝහල්වල කොවිඩ් රෝගීන් 125,000 කට වඩා ප්‍රතිකාර ලබන අතර එය පසුගිය මාසයේ 25% කින් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Discussion about this post