අමෙරිකාවේ ක්‍රීඩාංගණ හා සම්මන්ත්‍රණ ශාලා කොරෝනා වෛරස රෝගී සත්කාරක ඒකක ලෙස යොදාගැනීමට පියවර ගෙන ඇත. 

එරට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළයාමත් සමඟ රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙමපියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඇලෙස්කාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා පිටියද කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් කර තිබේ. 

ගත වු කාලය තුළ අමෙරිකාව තුළ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 10,871 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් තුන් ලක්ෂ 66,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්