• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 12:19 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය හෙට සුදර්ශියට

2021-02-12 ‍| 4:35 pm
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය හෙට සුදර්ශියට
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (12) සවස හතරේ සිට හෙට (13) සවස 3 දක්වා අංක 50/3, ශ්‍රී සීලානන්ද මාවත,කොස්සින්න නැගෙනහිර, ගනේමුල්ල නිවසේ තැන්පත්කර ඇත.

හෙට සවස 6 සිට ඉරිදා (14) සවස 3.30 දක්වා ⁣බොරැල්ල බෞද්ධාලෝක මාවතේ සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි ) තැන්පත්කරනු ඇත.

ඉරිදා සවස 4.30 බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට ගෙනයනු ලැබේ.

ජයලාල් රෝහණ මහතා මියයන විට 56 වන වියේ පසුවිය.

ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතා උපත ලබන්නේ 1964 නොවැම්බර් මස 01 වනදාය.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඔහු උසස් අධ්‍යාපනය නිම කරන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි.

සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විෂයන් සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වන ජයලාල් රෝහණ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස ද, නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.

රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොව නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගුවන්විදුලි පිටපත් රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙස ‍ඔහු කලා ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය අතිමහත් ය.

අයෝමා, ටිකිරි සුවඳ, සිංහාවලෝකනය සහ ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් වැනි චිත්‍රපට සඳහා ජයලාල් රෝහණ මහතා රංගනයෙන් එක්ව තිබුණි.

ඔහු රඟපෑ වේදිකා නාට්‍ය අතරට මුහුදු පුත්තු, කැලණි පාලම, ගංගාවක්, කළු සහ සුදු මෙන්ම හන්කිති දහතුන ඇතුළත් ය.

වේදිකාවෙත් පුංචි තිරයෙත් දැක්වූ රංගනයේ විශිෂ්ට ප්‍රතිභාව වෙනුවෙන් අවස්ථා රැසකදී ජයලාල් රෝහණ මහතා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉසුරු යෝගයේ මුතුමිණ ගේ චරිතයත් සඳගලතැන්නේ ග්‍රාමසේවකගේ චරිතයත් ජයලාල් රෝහණ මහතාගේ රංගනයේ විශිෂ්ටත්වය අපූරුවට විදහා දැක්වීමට සමත් විය.

ප්‍රහසන කලා ශිල්පියෙකු ලෙසින් ද සිය රංගනය තුළින් ප්‍රේක්ෂකයින් සිනා සයුරක ගිල්වූ ජයලාල් රෝහණ මහතා සිය ජීවන ගමනට සමුදුන්නේ ඊයේ (11) රාත්‍රියේ ය.

ShareTweetSendShare

Related Posts

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය ගැන දැනුවත් ද?
Local

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය ගැන දැනුවත් ද?

2021-03-08
2
මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට වසා දැමේ
Local

බස්නාහිර පළාතේ පාසල් තවදුරටත් වැසේ

2021-03-08
5
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
1
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි
Local

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
2
සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්
Local

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
4
මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු
Local

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

2021-03-08
4
Next Post
23වනදා පිරිවෙන් ආරම්භ කිරීමටත් තීරණයක්

පිරිවෙන් අධ්‍යයන කටයුතු 15වනදා සිට ඇරඹේ

පාකිස්තානයට ලකුණු 3ක තියුණු ජයක් ලබයි

පාකිස්තානයට ලකුණු 3ක තියුණු ජයක් ලබයි

Discussion about this post

MORE LOCAL NEWS

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය ගැන දැනුවත් ද?

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය ගැන දැනුවත් ද?

2021-03-08
0
2

ප්‍රසිද්ධ සමාගම්වල නම් භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය...

මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට වසා දැමේ

බස්නාහිර පළාතේ පාසල් තවදුරටත් වැසේ

2021-03-08
0
5

බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15 වනදා...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
1

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
2

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
0
4

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බැංකු හා මූල්‍ය...

Sports News

20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
1
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk