අබිරහස් ලෙස මියගොස්  සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හලාවත-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ  මුන්නේශ්වරම ප්‍රදේශයේ තිබී හලාවත පොලීසිය විසින් අද(06) අළුයම සොයා ගෙන තිබේ. 

හලාවත පොලීසියට ලද දුරකථන පණිවිඩයක් ඔස්සේ කල සොයා බැලීමක දී මෙම මළ සිරුර හමුවී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ හලාවත කන්ජුක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ  සුරංග සාගර ජයසිංහ නමැති අවිවාහක අයෙකි. 

මොහු වසර විස්සකට වැඩි කාලයක් ඉතාලියේ සේවය කර තිබේ. 

මොහු ඊයේ(05) හලාවත මැල්පුර ප්‍රදේශයේ පැවති දානයකට සහභාගී වී ඇති අතර ඉන් පසු අද අළුයම එකට පමණ එම නිවසින් පිටව පැමිණ ඇත්තේ කන්ජුක්කුලිය නිවසට යන බව පවසමිනි.

මෙම පුද්ගලයා වාහනයක ගැටීමෙන් පසු එම වාහනය මොහු මාර්ගයේ දමා යන්නට ඇති බව බහුතරයකගේ සැකය වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අද පෙරවරුවේ හලාවත මහා රෝහලේ දී මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබේ.

මෙම පුද්ගලයා වැටී සිටි ස්ථානයේ රිය අනතුරක කිසිදු සලකුණක් නොමැති වීම පිළිබඳව පොලීසියේ විශේෂ අවධානය ලක්ව ඇත.

හලාවත මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ හා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්