බ්‍රහස්පතිගේ ප්‍රමාණය මෙන් පස් ගුණයක් පමණ විශාල මෙම වල්ගා තරුව අප්‍රේල් මාසයේ රාත්‍රී අහස ආලෝකමත් කරනු ඇත. එය සිකුරුටත් වඩා දීප්තිමත්ව දිස් විය හැකිය.

බ්‍රහස්පති මෙන් පස් ගුණයක් හා සූර්යයාගේ ප්‍රමාණයෙන් අඩක් පමණ වන දැවැන්ත වල්ගා තරුවක් වන ඇට්ලස් අප්‍රේල් මස අග වන විට රාත්‍රී අහසේ සිකුරුට වඩා දීප්තිමත් ලෙස පෙනෙනු ඇත.

මෙම සුවිශේෂී වල්ගා තරුවේ ඝණ අයිස් හරයේ නිශ්චිත ප්‍රමාණය නොදන්නා නමුත් එය සැතපුම් කිහිපයක් විහිද යා හැකිය – නමුත් එයට වඩා සුවිශාල වායුගෝලයක් ඇත.

එය වේගය වැඩි කර ගනිමින් දැනට අඟහරුගේ කක්ෂයට ආසන්නව ගමන් කරයි .එය සූර්යයා දෙසට ගමන් කරන අතර අපේ‍්‍රල් මාසයේදී පෘථිවියට ආසන්නතම ප්‍රවේශය ලබා ගනු ඇත.

එය අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලය දෙසට ළඟා වන විට එය රාත්‍රී අහසේ දීප්තිමත්ම වස්තුවක් බවට පත්වනු ඇත.

මෙන්න බලන්න තවත් පුවත්