අප්‍රිකානු රටවල් කිහිපයකට බලපෑම් එල්ල කළ කාන්තාර පළගැටි උවඳුර දකුණු සුඩානයත් ආක්‍රමණය කර තිබේ.

මේ සමඟ අදාළ රටවල ආහාර අනාරක්ෂිතතාවක්ද මතුව ඇති බව සඳහන්.

මෙම උවදුරෙන් පීඩාවට පත් රටවල් සඳහා උපකාර කරන ලෙසයි ජගත් සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

කාන්තාර පළඟැටි ආක්‍රමණයකින් නැගෙනහිර අප්‍රිකාවේ ඉතියෝපියාව, සෝමාලියාව, කෙන්යාව, ටැන්සානියාව සහ උගන්ඩාව යන රටවලට දැඩි බලපෑම් එල්ල විය.

වසර ගණනාවක සිට සිවිල් යුද්ධයකින් බැට කන දකුණු සුඩානයත් මේ වන විට පළගැටි උවදුරට ගොඳුරුවී සිටියි.

මේ මස මුල් භාගයේදී පළගැටි ආක්‍රමණය හේතුවෙන් ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තානයද පියවර ගත්තේය.

කාන්තාර පළගැටියන් අක්කර දහස් ගණනක භෝග වගාවන්ට හානි සිදුකර තිබේ.

මේ පළගැටි විශේෂය ශාක පත්‍ර,මල්,පළතුරු,බීජ මෙන්ම විශාල ගස්වලට පවා හානි සිදුකරන බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

වර්ග කිලෝමීටරයක් තුළ මෙම පළගැටියන් මිලියන 40ක් පමණ සිටියහැකි වන අතර දිනකදී පුද්ගලයන් 35000ක් පමණ පරිභෝජනය කරන තරමේ ආහාර ප්‍රමාණයක් ලබා ගන්නා බවද දැක්වෙයි.

මේ හේතුවෙන් විශේෂයෙන්ම අප්‍රිකානු රටවල ආහාර අනාරක්ෂිතතාවක් මතුව ඇති බව සඳහන්.

ඉන් මිලියන 13ක පමණ ජනතාවක් අවදානමකට මුහුණපා ඇතැයි ජගත් සංවිධානය පවසයි.

මෙම උවදුරට මුහුණපා සිටින රටවල් වෙත උපකාර කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස ජගත් සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඉදිරියේදී නැගෙනහිර අප්‍රිකානු කලාපයට දැවැන්ත පළගැටි ආක්‍රමණයකට මුහුණපෑමට සිදුවනු ඇති බවටත් බලධාරීන් අනතුරු අඟවා ඇතැයි සඳහන්.

මෙන්න බලන්න තවත් පුවත්