බලපත්‍ර නොමැතිව ඇල මාර්ගයක, අනවසරයෙන් මැණික් ගැරූ වතු කම්කරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

මෙම පුද්ගලයින් ඇඳිරි නිති රෙගුලාසි උල්ලංඝනය කරමින් කෙසෙල්ගමුඔය ආශ්‍රිත ඇල මාර්ගයක මැණික් ගරමින් සිටියදී ඊයේ (18) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්ත හරහා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ විශාල පරිසර හානියක් සිදු කරමින් සැකකරුවන් මැණික් ගරමින් සිටි බවයි බගවන්තලාව පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතු යායේම පදිංචිකරුවන් වන අතර සැකකරුවන් විසින් වලවල් හාරා ගොඩ දමා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්