මාතර ප්‍රදේශයේ ගසකින් පොලොස් ගෙඩියක් කඩාගැනීම හේතුවෙන් එම ගස අයිතිකරුගෙන් මන්නා පහරකට ලක්වන පුද්ගලයකුගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයන වල සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා.

මන්නා පහරට ලක්වන පුද්ගලයා අවසරය නොමැතිව එය සිදුකර ඇති බව දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පෙනී යන අතර එවැන්නකට මන්නා පහරක් එල්ල කිරීමට තරම් වත්මන් සමාජය කෙතරම් පිරිහී ඇත්ද යන බව හුවමාරු වන වීඩියෝවට තම අදහස් පළකරමින් බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබෙනවා.

පොලොස් ගෙඩිය කඩාගත් පුද්ගලයා මන්නා පහරෙන් තුවාල ලැබීම හේතුවෙන් රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබෙන බව වාර්තා වෙනවා.

මේ සිද්ධිය සම්න්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.

මෙන්න බලන්න තවත් පුවත්