බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව හා උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්