අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ඉරාකයේ සංචාරය කිරීමටයි.
ඒ අනුව, අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කරන පළමු පාප්වරයා වශයෙන් වාර්තා ගත වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
එසේම කොරෝනා වසංගතය ඇරඹීමෙන් අනතුරුව උන්වහන්සේගේ පළමු ජාත්‍යන්තර සංචාරය වන්නේද මෙයයි.
උන්වහන්සේ ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාක ආරක්ෂක භටයින් 10,000ක් කැඳවා තිබෙනවා.
Discussion about this post