අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් පහත දැමිමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 

එම සංගමයේ ලේකම් එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ රජය විසින් ලබාදුන් බදු සහන ජනතාවට ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවයි. 

ඒ අනුව හෙට (27) උදෑසන සිට ජනතාවට මෙම සහනය ලැබෙන බව ඔහු සඳහන් කළේය. 

සියලු බේකරි හිමියන් විසින් මෙම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතු බව ද ඔහු සදහන් කළේය. 

එමෙන්ම තමාට හැකියාව පවතින්නේනම් අනෙකුත් බේකරි නිෂ්පාදනවල වලින් ද ජනතාවට සහනයක් ලබාදීමට බේකරි හිමියන්ට අවස්ථාව පවතින බව එන්.කේ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්