අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (11) අලුයම මියගොස් තිබෙනවා.
පොලීසිය පවසන්නේ හදිසියේම රෝගාතුර වී මෙසේ මියගොස් ඇති බවයි.
එසේ මියගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 වැනි වියේ පසුවූ රැඳවියකු බව සඳහන්.
මොහු අපචාර සිද්දියක් සම්බන්ධයෙන් සිරගතවූ අයෙක්.
මියගිය රැඳවිගේ සිරුර අඟුණකොළපැලැස්ස දිස්ත්‍රික් රෝහලේ තැන්පත්කර තිබෙනවා.
Discussion about this post